Articles
කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ ඉදිකර ඇති, අනවසරයෙන් ඉදිකිරිම් කඩා ඉවත් කිරිමට තීරණය කෙරේ
- Details
- Category: ප්‍රවෘර්ති
- Published on Wednesday, 20 July 2011 00:13
- Written by Super User
- Hits: 1417
කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ ඉදිකර ඇති, අනවසරයෙන් ඉදිකිරිම් කඩා ඉවත් කිරිමට තීරණය කෙරේ
බළන්ගොඩ, තන්ජන්තැන්‍නේ පිහිටි ඓතිහාසික කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ අනවසරයෙන් ඉදිකර ඇති සියළුම අනවසර ඉදිකිරිම් වහාම කඩා ඉවත්කර ගන්නා ලෙස පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුව විසින් අංක ඩී/බී/02/07(11) දරණ 2011.01.31 දරණ දිනැති ළිපියෙන් අනවසර පදිංචි කරුවන්ට දන්වා යවා ඇත.
මේ පිළිබදව 2011.05.03 වන දින සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය ජගත් බාලසූරිය මහාතාගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේදි පැවති රැස්වීමේදි තීරණය කළ බව ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති. කූරගල ශ්‍රී පාද දිවාගුහා රාජමහා විහාරයේ ප්‍රධාන භාරකාර කොළොන්නේ සිරි ශාන්ත විජන ස්වාමින් වහන්සේ විසින් සදහන් කළහ.
පුරාවිද්‍යා අධක්ෂ ජනරාල්ගේ ලිඛිත කැදවීමක් මත පවත්වන ලද මෙම රැස්වීම සදහා බෞද්ධ පක්ෂය වෙනුවෙන්, ගැටඅරළුවේ සංඝරක්ඛිත, දෙල්තොට චන්ද්‍රෙජෝති, කොළොන්නේ සිරි ශාන්ත විජය, අක්මීමන දයාරතන ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ස්වාමීන් වහන්සේලා විසි නමක් පමණ සහාභාගි වු අතර, මතුගම සෙනවි රුවන්, බි.යු. ඩයස්, නීතීඥ හදකුඹුර, නීතීඥ නිශ්සංක යන මහත්වරුන් ප්‍රමුඛ බෞද්ධ සංවිධාන නියෝජිතයින් විසිදෙනෙකු පමණ සහාභාගි වූහ.
මුස්ලිම් පක්ෂ වෙනුවෙන්, අලවි මවුලානා, ඒ.ඇම්.එච්. අස්වර්, රොෂානා අබුසාලි මිය ඇතුළු පිරිසක් සහාභාගි වූ අතර,මෙහිදිං ජනාධිපති පරික්ෂණ කොමිසන් සභා නිර්දේශ හා මානවි හිමිකම් කොමිසන් සභාවේ නිර්දේශ මත කඩිනමින් අනවසර පදිංචි කරුවන් ඉවත් කිරිමට රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීමේ) පණත ප්‍රකාරව කටයුතු කරණ බවත්, කූරගල ආරක්ෂාව සදහා ආරක්ෂක වැඩපිලිවෙලක් හොදන බවත්, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්, ආචාර්ය සෙනරත් දිසානායක මහාතා සදහන් කල බවද වාර්ථාවේ.
2600 බුද්ධ ජයන්තිය සමගාමීව කූරගල බෞද්ධ පක්ෂයට ලබා දීමට තමන් ඇතුළු බෞද්ධ සංවිධාන කටයුතු කරණ බව කොලොන්නේ සිරි ශාන්ත විජය ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් අවදාරණය කර සිටි.





